ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණාඩායම ඊයේ (28) සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කරන ලදි.
ජයග්‍රහණය සඳහා ලකුණු 155 ඉලක්කයක් සමග පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 17කදි කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රහනය හඹා ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

