දේශීය

දේශපාලන පළිගැනිම් පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 06කින් දිර්ඝ කර තිබේ.

ඒ ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

ඒ අනුව ඊයේ (28) දින අවසන් වීමට තිබු මෙම ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන අප්‍රේල් 28 වැනිදා දක්වා තවත් මාස 06කින් දීර්ඝ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ වසරේ ජනවාරි 28 වැනිදා පත් කළ කොමිසමේ නිල කාලය දීර්ඝ කළ තුන්වැනි අවස්ථාව ද මෙය වේ.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ සේවයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයින් ,සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සමාජිකයින්ට හෝ කිසියම් තැනැත්තකුට සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමේ අරමුණින් මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කර තිබුණි.

අදාළ නිවේදනය පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *