ෆේස්බුක් නාමය ‘මෙටා’ ලෙස වෙනස් කෙරේ
ෆේස්බුක් මවු සමාගමේ නාමය ‘මෙටා’ ලෙස වෙනස් කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.
ඔවුන් මෙසේ සිය සමාගම් නාමය වෙනස් කරන්නේ ෆේස්බුක් සමාගම විවිධාංගීකරණ කිරීමේ සැලැස්ම යටතේ බව දන්වා ඇත.
නව නාමකරණය යටතේ එහි ප්‍රධාන සන්නාම වන ෆේස්බුක්, වට්ස්ඇප්, මැසේන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් වැනි තනි වේදිකා සඳහා බලපෑමක් එල්ල නොවන බවද වාර්තා වේ.
සමාගමේ නව නාමය මඟින් එහි අනාගත සැලසුම් නිරූපණය වන බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කැලිෆෝනියාවේ මෙන්ලෝ පාක් හි ෆේස්බුක් මූලස්ථානයේ පැවති සමුළුවට වීඩායෝ තාක්ෂණයෙන් එක්වෙමින් සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමාජ මාධ්‍ය ජාලයක් පමණක් ලෙස මෙතෙක් සිය සමාගම ලබාගත් කීර්තිය, නව නාමකරණය යටතේ ඉදිරියේදී වෙනත් මානයන් කරා යොමුවන බවයි.
කෙසේවෙතත් දෙසැම්බර් 1 වන දින සිට සමාගමේ නව කොටස් වෙළෙඳාම ආරම්භ කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.