සඳුදා සිට සියලු මගීන්ට දුම්රියේ ගමන් කිරීමට අවසර
නොවැම්බර් මස පළමුවන දා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා හෙට (31) අලුයම 4.00න් පසුව ඉවත් කිරීමට ඊයේ (29) රැස් වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කර තිබුණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන කාර්යාල සේවකයින් සඳහා විශේෂ බස් රථ සේවා ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි.
මේ අතර අනිද්දා (01) සිට පළාත් අතර දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රවේශ පත්‍ර කවුළු හරහා මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව ද පවතින බවයි.
මීට පෙර දුම්රිය තුළ ගමන් කිරීමට අවසර හිමිව තිබුණේ දුම්රිය වාර ප්‍රවේශපත් හිමි මගීන්ට පමණයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

