අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු පෑලියගොඩ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත අදාළ සැකකරු පෑලියගොඩ නවලෝක වටරවුම ආසන්නයේ සිදු කළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා 48 වියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව වාර්තා වේ.
සැකකරු සන්තතකයේ තිබිය දී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 78,500ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

