දේශීය

ජනපති ස්කොට්ලන්තය බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තය බලා අද (30) අළුයම පිටත්ව ගොස් තිබේ.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණදෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 වැනි දා දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත් වේ.

නොවැම්බර් මස 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයින්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව රටවල් 197ක රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයින්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන් දහසක් පමණ සහභාගී වෙයි.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *