දේශීය

බදුලු ඔය පිටාර ගලයි – නිවාස රැසකට හානි

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමග බදුලු ඔය පිටාර ගැලීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 25කට පමණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ එක් පුද්ගලයෙක් ද අතුරුදන්ව ඇති බවයි.

බලපා ඇති අඩු පීඩන තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

හාලි ඇල ප්‍රදේශයේ මාර්ග අවහිරවීම්, පස් කණ්ඬි කඩා වැටීම් කිහිපයක් වාර්තා වී ඇති අතර නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද එම මහතා පවසයි.

ධීවරයින්ට ලබා දෙන නිවේදනයන් සඳහා දැඩි අවදානයක් යොමු කරන ලෙසත් ලක්ෂපාන සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද අදාළ ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

යම් කිසි අපදා තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම් දීමට අවශ්‍ය නම් 117 අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *