දේශීය

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

හෙට (01) පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙනි.

ඒ අනුව සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ යන යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මීට අමතරව ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය සහ රතුපස්වල යන ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *