ක්‍රීඩා

එංගලන්ත කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (30) පැවති තරගය ජයග්‍රහනය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 125ක් රැස් කළේය.

ලකුණු 126ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 11.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 126 වාර්තා කරමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් නොදැවී ලකුණු 71ක් රැස් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *