දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – වාහන 5ක් ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම 12.3 කණුව ආසන්නයේදී පොලිස් විශේෂ කාර්යය බළකා 1969 ගිලන් රථයක් ඇතුළු වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

ගැලනිගම අධිවේග රථවාහන පොලීසිය සඳහන් කළේ අනතුරෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

තුවාල ලැබුවන් අතර පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකු ද සිටින අතර මෙම අනතුරින් පොලිස් ගිලන් රථයට, කැබ් රථයකට, මෝටර් රථ දෙකකට හා ලොරි රථයකට අලාභානි සිදුවී ඇත.

ආපදාවට ලක් වු ලොරි රථයක්  කොළඹ දෙසට ගමන් ගන්නා වම් මංතීරුවේ අයිනකට වන්නට ආලෝක පහන් දල්වා නතර කර තිබියදී එම දිසාවට ගමන් ගත් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාලකරුවන්ට රැගෙන යාමට පැමිණි ගිලන් රථය එම ස්ථානයේ නවතනවාත් සමගම ගාල්ල දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස ගැටී අනතුරුව ගිලන් රථයේ ගැටීමෙන් ගිලන් රථය අනතුරට පත්ව තිබූ මෝටර් රථයේ ගැටී අනතුරු වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුරට පත්වූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *