විදේශීය

පළමු වරට තලෙබාන් ප්‍රධානි අකුන්ද්සාදා ප්‍රසිද්ධ හමුවකට

තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

අකුන්ද්සාදා 2016 වසරේ සිට තලෙබාන් සංවිධානයේ නායකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු ඇෆ්ගනිස්තානය තලෙබාන් ග්‍රහණයට යටත් වීමෙන් පසුව ද මේ දක්වාත් ප්‍රසිද්ධ හමුවකට සහභාගී නොතිබූ බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊයේ (30) ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකට ඔහු මෙලෙස සහභාගී වී ඇති බවයි.

කෙසේවෙතත් හයිබර්තුල්ලා අකුන්ද්සාදා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ද විවිධ මත පළ වී ඇති බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *