දේශීය

ගුරු ස්ථාන මාරුවීම් ඒකකයට ගුරුවරුන් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගුරුවරුන් ස්ථාන මාරු ඒකකයට කැඳවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා තිබේ.

ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබද දැනුම් දිය හැකි බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව 011 2 784 434 / 011 2 785 141 හෝ 1271 සහ 1272 යන ක්ෂණික දුරකථන ඇමතුම් අංක ඇමතීමෙන් හෝ directorttb@moe.gov.lk ඊමේල් ලිපිනයට පිවිසීමෙන් ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *