ඔස්ට්‍රේලියාව විවෘතයි
ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 18ක කාල සීමාවකින් පසු පළමු වරට ඔස්ට්‍රේලියාව, විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා විවෘත කර තිබේ.
මෙලෙස අද (01) සිට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවස්ථාව හිමිව ඇත්තේ පූර්ණ එන්නත්කරණය කරන ලද විදෙස් සංචාරකයින්ට පමණී.
කොන්ටස් ගුවන් සේවයට අයත් ලොස් ඇන්ජලීස් සිට පැමිණි ගුවන් යානයක් සිඩ්නි වෙත ළගා වී ඇති අතර විදෙස් සංචාරකයින් රැගත් සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ද සිඩ්නි වෙත ළගා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් පූර්ණ එන්නත්කරණයට ලක් කරන ලද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට නිවෙස් නිරෝධායනයකින් තොරවම රට තුළ සහ ඉන් පිටත නිදහසේ ගමන් කිරීමට අවස්ථාව හිමිවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

