අඩාල වූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
සංඥා දෝෂ හේතුවෙන් අද (01) උදෑසන සිට ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.
දෙමටගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හට ගැනීම හේතුවෙන් අද උදෑසන ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබුණි.
මේ අතර රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.
පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් සංඥා දෝෂයක් හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ ඊට පිටුපසින් පැමිණි බලවේග කට්ටල දුම්රියක් ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.
කෙසේවෙතත් ඉන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

