දේශීය

දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දැදුරුඔය ජලාශය වාන් දොරටු 4 ක් අඩි 2 බැගින් තවදුරටත් විවෘත කර පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ , ජල කළමනාකරණ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේය.

එසේම රාජාංගණය ජලාශයේ ද වාන් දොරටු 2ක් අඩි 4 බැගින් ද, තවත් වාන් දොරටු 2 ක් අඩි 3 බැගින් සහ තවත් 2 ක් අඩි 2ක බැගින් සමස්ත වාන් දෙරටු 06ක් විවෘත කර තිබේ.

අබේසිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවුසවේ අංගමුව ජලාශයේ ද වාන් දොරටු 2 ක් අඩිය බැගින් විවෘත කර ජලය මුදා හරිමින් තිබෙන අතර වව්නියාව දිස්ත්‍රික්කයට ඇද හැළී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් වව්නියාවේ ජලාශවල ද ධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *