වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ
වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.
ඒ අනුව ගුවන් මගීන් 200ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
1980 වසරේ ආරම්භ වූ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාව 2015 වසරේ සිට නවතා දමා තිබුණි.
මෙම දෙරට අතර ඍජු ගුවන් ගමන් සේවාව යළිත් ආරම්භ කරමින් අද දින අලුයම 04.50ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 564 දරන ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

