ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව්වන තරගය අද (01) එංගලන්තයට සමග සාජා ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.
මෙරට වේලාවෙන් එම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතය.
එංගලන්තය සමග අද පැවැත්වෙන තරගය අනිවාර්යෙන් ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහන් තේරීපත් විය හැකියාව පවතී.
සුපිරි 12 වටයේ දී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග 3න් තරග 2ක් පරාජයට පත්විය.
කෙසේවෙතත් මේ වන විට එංගලන්තය සුපිරි 12 වටයේ දී සහභාගි වූ තරග 3ම ජයගෙන පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

