පාඨලීට එරෙහි නඩුවට දින නියම කෙරේ
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 30වැනි දා ආරම්භ කිරිමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (02) දින නියම කළේය.
2016 වසරේ පෙබරවාරි 28වැනි දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරීමට අදාළව නඩු කටයුත්තට ඉදිරිපත් කිරිම සඳහා අසත්‍ය සාක්ෂි සකස් කිරිම ඇතුළු අධිචෝදනා යටතේ මොවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 06 දෙනෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
එමෙන්ම එම රිය අනතුර සිදුවූ අවස්ථාවේ දී අමාත්‍ය චම්පික රණවක මහතා විසින් පැදවූ බව කියන ඩබ්ලිව්. පී. කේ. පී. 7545 දරණ ජිප් රථය මේ මස 22වැනි දිනට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා විසින් කලුතර දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

