ගැබිණි මව්වරු යළි රාජ්‍ය සේවයට
රාජ්‍ය සේවය සඳහා ගැබිණි මව්වරුන් යළි කැඳවීමට තීරණය කර තිබේ.
ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති කෝවිඩි වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය පුරාවට ගැබිණි මව්වරුන් රාජ්‍ය සේවයට කැඳවීම තාවකාලිකව නවතා තිබුණි.
නමුත් ආයතනවල අවශ්‍යතා මත යම් සීමාවන්ට යටත්ව ඔවුන් යළි සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසු මෙම තීරණයට එළඹ ඇති බවයි.
කෙසේවෙතත් මහ ජනතාවගේ අවශ්‍යතාව මත සේවා ලබා ගැනීම සඳහා දිනය හා වේලාව වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට ජනතාවට අවස්ථාව සලසා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

