දේශීය

විදුලි වර්ජනය ගැන තීරණය හෙට – විදුලිබල වෘත්තිය සමිති

ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී හෙට (03) දිනයේ සේවකයින් රැසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

මේ වන විට විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු සියල්ල අවලංගු කර ඇති නමුත් චක්‍රලේඛනය නොසලකා හරිමින් ලෙඩ නිවාඩු වාර්තා කර හෙට දිනයේ කොළඹට පැමිණ උද්ඝෝෂණයේ නිරත වන බවයි එම මහතා සඳහන් කළේ.

කොළමට සේවකයින් පැමිණීම නිසා හෙට දිනයේ යම් ආකාරයක විදුලි බිඳවැටීමක් සිද්ධ වුවත් එය යථාතත්ත්වයට පත්කිරීමේ දී ප්‍රමාදයක් ඇතිවිය හැකි බවත් ඔහු දන්වා ඇත.

කෙසේවෙතත් වැඩවර්ජන තීන්දුවක් ගෙන ඇති නමුත් එම වැඩ වර්ජන තීන්දුවේ දිනය කවදාද යන්න ප්‍රකාශයට පත් කරන්නේ හෙට දිනයේ ක්‍රියාත්මක වන උද්ඝෝෂණයෙන් පසුව බව විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *