NMRA දත්ත මැකීම – මෘදුකාංග ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 16වන දා දක්වා යළි රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.
එම නඩුව අද (02) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මෙහෙයුම් පද්ධතිය පවත්වාගෙන ගිය එපික් ලංකා ආයතනයේ දත්ත ක්‍රියාකරු පසුගිය සැප්තැම්බර් 28වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු පළමු වරට අධිකරණය හමුවට සැප්තැම්බර් 29වන දා ඉදිරිපත් කෙරුණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සැකකාර සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔහුගේ නිවසේ සිට 2021 ජූලි 09වන දා අලුයම 3.45 සිට පසුදින උදෑසන 10.25 දක්වා පැය 5කට අධික කාලයක් වැය කරමින් සිදු කර ඇති එම දත්ත මකා දැමීම ඖෂධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවය මත සිදුකළ ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් වන බවයි.
අත්වැරදීමකින් එම දත්ත පද්ධතිය මැකී ගිය බවට ආයතනයේ නිලධාරීන් ඉදිරියේ ඔහු රඟපෑමක් කර ඇතැයි අනාවරණ වී ඇති බව ද දිලීප පීරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එදින පෙන්වා දුන්නේ සැකකරු එම සේවා ආයතනයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉන් දින 10කට පෙර ලබාදී වෙනත් සේවා ස්ථානයක් කරා යාමට සුදානම්ව සිටිය දී එලෙස දත්ත මකා දැමීම සිදුකර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

