දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වුණු කණ්ඩායම් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟූ අතර ඉතා කෙටි කාලයක් තුළ නව පක්ෂයක් පිහිටුවා මෙරට සියලු බලෂේත්‍රවල පාලන බලය ලබාගැනීමට එම පක්ෂය සමත් වුණි.

පස්වන සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිතය.

වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *