ඇෆ්ගනිස්තානයේ හමුදා රෝහලකට ප්‍රහාරයක් – 20ක් මරුට
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හමුදා රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
රෝහල් ගොඩනැගිල්ලෙන් පිටත විශාල පිපිරිම් දෙකක් සිදුව ඇති අතර පසුව තුවක්කුකරුවන් විසින් රෝහල් පරිශ්‍රය තුළට පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
එක් පිපිරීමක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත් අදාළ ප්‍රහාරවල වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් තලෙබාන් සටන්කාමීන් විසින් ප්‍රහාරකයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර එක් ප්‍රහාරකයෙකු සිය භාරයට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

