ඉන්දියාව හා ඇෆ්ගනිස්තාන අද තරග බිමට
20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ ඉන්දීයාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර තරගය අද (03) පැවැත් වීමට නියමිත වේ.
අබුඩාබි හිදී අද පැවැත්වෙන මෙම තරගය කණ්ඩායම් දෙකටම අතීශයෙන්ම තීරණාත්මක වේ.
ඉන්දීය කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවෙයි. ඒ පාකිස්ථාන සහ නවසීලන්ත කණ්ඩායම් හමුවේ පරාජයට පත් වීම හේතුවෙනි.
කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී ස්කොට්ලන්ත සහ නැමීබියානු කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත වේ.
ඇෆ්ගනීස්තාන කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජය ගැනීම හේතුවෙන් මේ වන විට ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

