දේශීය

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කළ තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.

ඒ අනුව අද (03) රාත්‍රී 08.00 දක්වා අදාළ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දිවයිනේ දිස්ක්‍රික්ක 10ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 41කට බලපෑම් සිදුව ඇති බවයි.

ආපදා තත්ත්වයෙන් පවුල් 1,444කට අයත් පුද්ගලයින් 5,790 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කර ඇති බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *