ක්‍රීඩා

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග පළමු තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප්‍රසාද ලකුණු 776ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග සමත් වී ඇත.

ඔහු මේ දක්වා T20 ජාත්‍යන්තර තරග 32කදී කඩුලු 50ක් දවාගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණී පළමු අවස්ථාව ද මෙය වේ.

ඒ අනුව T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාවේ පාදඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රෙයිස් ශම්සි ප්‍රසාද ලකුණු 770ක් ලබා මේ වන විට එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත.

එසේම T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද 8 වන ස්ථානයේ සිට වනිඳු හසරංග මේ වන විට 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *