නැනෝ දියර පොහොර රැගත් ගුවන් යානා දෙකක් මෙරටට
ශ්‍රී ලංකාව විසින් ආනයනය කළ ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්රජන් දියර පොහොර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාව ට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇත.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඩී 21 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම 12.06 ට පමණ මෙරටට පැමිණ ඇති අතර එම ගුවන් යානයෙන් නැනෝ නයිට්රජන් දියර පොහොර කිලෝ ග්‍රෑම් 44,730ක් රැගෙන විත් තිබේ.
එසේම තවත් නැනෝ නයිට්රජන් දියර පොහොර කිලෝ ග්‍රෑම් 44,773 ක් රැගත් දෙවන ගුවන් යානය අද අලුයම 3.02 ට පමණ මෙරටට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ ය.
මෙම පොහොර තොගය ලොරි රථ මගින් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

