ඇෆ්ගනිස්තානය හමුවේ ඉන්දියාවට ජය
T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ඊයේ (03) පැවැති ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගයෙන් ජයග්‍රහණය ලබාගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට අවස්ථාව ලබා දෙන ලදි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 210ක් රැස් කළේය.
ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 144ක් ලබා ගැනීමටය පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

