ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කොදෙව්වන්ට දඩ

විස්සයි විස්ස ලොක කුසලාන තරගාවලියේ ඊයේ (04) ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් ලකුණු 20කින් පරාජය වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර ඇත.

ඒ කොදෙව්වන් විසින් නියමිත වේලාව තුළ සිය පන්දු වාර 20 නිම නොකිරීම හේතුවෙනි.

ඒ අනුව තරග මුදලින් 20%ක් දඩ වශයෙන් අයකර ගෙන තිබෙන අතර  තරග තීරක ඩේවිඩ් බූන් විසින් අදාළ දඩය නියමකර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් නායක කයිරන් පොලාර්ඩ් විසින් සිදු වූ වරද පිළිගෙන ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *