දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනෙකු  නම් කර ඇත.

ඩයනා ගමගේ මහත්මිය අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇතිතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කිරීමේ දී ඊට පක්ෂව තමන් ඡන්දය භාවිත කළ බවට චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *