වැලිසර මාරක අනතුර සිදු කළ පාසල් සිසුවා සහ පියා රිමාන්ඩ්
වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ වත්තල අධිකරණය වෙත අද (05) ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී ඔවුන් නොවැම්බර් මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල අධිනරණය නියෝග කර තිබේ.
ඊයේ (04) උදෑසන 9.05ට පමණ අදාළ දරුවා විසින් පැද වු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදු වු අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබීය.
සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා සමග මෝටර් රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයාගේ තත්ත්ව බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
අනතුරින් මිය ගිය පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකු වන අතර රෝහල් ගතකර ඇති අනෙක් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.