දේශීය

විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමට නව දෙපාර්තමේන්තුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය 03 වන දා සිට බලපැවැත්වෙන පරිදි එම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර තිබෙන බවයි.

එම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත්තේ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරීම සඳහා වේ.

කෙසේවෙතත් පසුගිය දශක දෙකක කාලය තුළ වාර්ෂික වෙළෙඳ ගිණුමෙහි හිඟයන් 80%ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් ආවරණය වී ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *