ගමන් මල්ලෙන් හමු වූ මළ සිරුර සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
පසුගිය 04වන දා සපුගස්කන්ද, වී මෝල හන්දිය ප්රදේශයේ කසළ ගොඩක ගමන් මල්ලක තිබිය දී සොයා ගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී සොයා ගෙන ඇත්තේ ඝාතනයට ලක් වූ කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයක පදිංචි 42 හැවිරිදි පාතිමා මුන්ටාස් නමැති දෙදරු මවකගේ බවයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා තම බිරිඳ අතුරුදන්ව ඇති බවට පසුගිය 28 වැනි දා බ්ලූමැන්ඩල් පොලීසිය වෙත පැමිණිල්ලක් ද කර තිබුණි.
ඝාතනයට ලක් වූ කාන්තාව තවත් කාන්තාවක් සමග ත්රිරෝද රථයක නැග ගිය බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් පැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

