දේශීය

ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග රටතුළ ඩෙංගු වසංගත තත්වයක් නිර්මාණය වීමේ අවධානමක්  ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස  ඉහළ ගියහොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල බලපෑමක් වනු ඇති බැවින් කඩිනම් ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ අතර ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ලබන සඳුදා සිට 13 වන දා දක්වා එම විශේෂ වැඩසටහන පැවැත්වෙන බව එම ඒකකය සඳහන් කළේය.

ඒ අනුව ‌‌ ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් හමුවන කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව සහ කල්මුණේ යන ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ 2021 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22,902 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

නොවැම්බර් මාසයේ ගත වූ දින 04ක කාලය තුළ පමණක් රෝගීන් 505ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. එය මේ වසරේ හමුවූ සමත රෝගීන් සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් ගැනීම තුළ ඩෙංගු ‌‌රෝගය වර්ධනය සම්බන්ධයෙන් දැඩි අවධානමක් පෙන්නුම් කරයි.

මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

කෙසේවෙතත් පවතින් අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයත් සමග  ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද එම ඒකකය සඳහන් කළේය.

ඒ හේතුවෙන් තම නිවෙස් අවට පරිසරය පිරීසිදුව තබා ගන්නා ලෙසත් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන නියෝජනය කරමින් නිවාස පරිශ්‍රය වෙත පැමිණෙන ඩෙංගු මර්දන කණ්ඩායමට එම කටයුතු සාර්ථක කර ගැනිම සඳහා සහාය දක්වන ලෙසත් ජාතික ඩෙංගු මර්ද ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *