පළාත් කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ ද අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හට ගනී.
එසේම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌවසහ වයඹ පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.