ක්‍රීඩා

දල ලකුණු වේගයේ තුන් වන තැන ඉන්දීයාවට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (05) රාත්‍රියේ පැවතුණී.

ඒ ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතරය.

එහිදී කඩුලු 8 කින් ස්කොට්ලන්තය පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලාන බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය ලකුණු 85කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.

රවින්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂමී කඩුලු 3 බැගින් දවාගත්හ. 

ලකුණු 86ක ජයග්‍රහී ඉලක්කය පසු කිරීමට ඉන්දීය කණ්ඩායමට අවශ්‍ය වූයේ පන්දු වාර 6 පන්දු 3ක් පමණී.

මෙම ජයග්‍රහණය හේතුවෙන් මෙතෙක් දල ලකුණු වේගයේ සිව් වන ස්ථානයේ සිටි ඉන්දීය කණ්ඩායම 3 වන ස්ථානය දක්වා ඉදිරියට යමින් දල ලකුණු වේගයේ ශීඝ්‍ර වර්ධනයක් සටහන් කරන ලදි.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයත් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයත් අද පැවැත් වීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *