විදේශීය

ඉරාක අග්‍රාමාත්‍යවරයාට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතනය කිරීමට සිදු කළ උත්සහයක් අසාර්තක වී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුපුරණ ද්‍රව්‍ය අඩංගු ඩ්‍රෝන යානයක් බැග්ඩෑග් අගනුවර හීදී පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට යොමු කරමින්  අදාළ ප්‍රහාරය එල්ල කර ඇත.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සිදු වන අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමිගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 06 දෙනෙකු අදාළ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන තෙක් ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *