දේශීය

පාසල්වල සා.පෙළ හා උ.පෙළ පංති හෙට ඇරඹේ

දිවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට (08) ආරම්භ කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුණු නිර්දේශ වලට අනුව මෙලෙස පාසල් විවෘත කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් පැවැත්වෙන අතර පාසල තුලදීත් මුහුණු ආවරණ පැළදීම, දෑත් විෂබීජහරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වේ.

කොවිඩ් වසංගතය හමුවේ වසර 02කට පමණ කාලයක් දිවයිනේ පාසල් වරින් වර වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය යම් මට්ටමකට පාලනය වීමත් සමග දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනි දා ආරම්භ කෙරුණි.

මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති සියයට 50ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වන දා සිට ආරම්භ කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *