ක්‍රීඩා

එංගලන්තය හමුවේ දකුණු අප්‍රිකාෙවට ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර ඊයේ (06) පැවැති තරගය ලකුණු 10කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව කණ්ඩායම සමත් විය.

තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම තමන්ට නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රසී වැන්ඩර් ඩුස්සන් නොදැවී ලකුණු 94 වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කණ්ඩායමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට පමණි.

එංගලන්ත අවසන් පන්දු ඕවරයේදී කගිසෝ රබාඩා විසින් ඉතා විශිෂ්ට ලෙස පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව මේ වන විට විස්සයි විස්ස අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *