විදේශීය

ඇමරිකාව විදෙස් සංචාරකයින් සඳහා දේශසීමා විවෘත කරයි

දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට ඇමරිකාව තීරණය කර තිබේ.

විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීන් පවසයි.

වසර එක හමාරකට පසුව විදේශීය සංචාරකයන්ට ඇමරිකාවේ දේශ සීමා විවෘත කෙරුණි.

ඒ අනුව එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඉරානය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් ඇතුළු රටවල් 33ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ඇමරිකාවට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් වනු ඇත.

ඇමරිකාවට පැමිණීමේදී සංචාරකයින් එරට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නතක් ලබා තිබීම අනිවාර්ය කරුණුක් බව වාර්තා වේ.

ගුවන් ගමනට පැය 72කට පෙර ලබාගත් සෘණාත්මක PCR පරීක්ෂණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු අතර ඔවුන් නිරෝධායනයෙන් ද නිදහස් කර තිබේ.

සංචාරක තහනම ඉවත්කර තිබෙන පසුබිමක විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

නැවතත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් පවතින ඇමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හාර කෝටි 73 ලක්ෂය ඉක්මවා ඇති අතර සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 7 ලක්ෂ 75 දහසකට අධිකය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *