ගංගා පිටාර ගැලීමේ අවදානමක්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි 9ක් ආශ්‍රිතව පහත්බිම්වල රැඳී සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අද (08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවලදී ද පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ප්‍රදේශ රැසකට නිකුත් කර තිබු නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

