ක්‍රීඩා

නවසීලන්තය අවසන් පූර්ව වටයට – ඉන්දියාව ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර ඊයේ (07) පැවති තරගයෙන් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දෙන ලදි.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 124ක් රැස් කළේය.

ලකුණු 124ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 125ක් රැස් කරමින් සිය ජයග්‍රහණය හඹා ගියේය. 

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා තේරී පත් වූ කණ්ඩායම් අතරට නවසීලන්ත කණ්ඩායම එක් විය.

එසේම අද දිනයේ ඇෆ්ගනිස්තානය එරෙහිව නවසීලන්තය අතර පැවැති තරගයෙන් කඩුලු 8කින් නවසීලන්ත කණ්ඩායම ජය ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවී තිබුණි.

නවසීලන්තය කඩුලු 8කින් ජය ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *