Latestදේශීය

ඩො. මිලියන 8ක වන්දි ඉල්ලා ප්‍රශ්ණ කන්දක් රැගෙන ආ චීන පොහොර නැව

දිනෙන් දින අර්බුධ මතුකරමින් තිබෙන චීන කාබනික පොහොර රැගත් නෞකාව මේ වන විට කළුතර, බේරුවල මුහුදු සීමාවේ ගැඹුරින් නැංගුරම්ලා ඇති බව වාර්ථා වෙනවා. “HIPPO SPIRIT” නැමති මෙම නෞකාව රැගෙන එමින් තිබෙන චීන කාබනික පොහොර සම්බන්ධයෙන් මෙරට දේශපාලන, කෘෂිකර්ම, පාරසරික මෙන්ම ආර්ථීක ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුවී තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ වරාය පරිපාලන ධූරාවලියේ ඉහලම නිළධාරියකු වන, හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා සඳහන් කරන්නේ නෞකාව කොළඹ වරායට පැමිණෙන බවක් තමාට දැනුම් දී නොමැති බවයි. වරාය නීති රෙගුලාසි වලට අනුව හාබර් මාස්ටර් නොදැනුවත්ව කිසිදු නෞකාවකට වරාය සීමාවට ඇතුලු වීමට අවසර නැහැ. එහෙත් අදාල නෞකාව මේ වන විටත් කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටින වටපිටාවක බරපතක ගැටලු සහ දේශපාලනය උණුසුම් කරන ප්‍රශ්ණ ගණනාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර චීනයේ සිට මෙරටට කාබනික පොහොර රැගෙන එමින් සිටින සීවින් බයොටෙක් ගෲප් (Seawin Biotech Group) සමාගම, ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටින්නේ ඩොලර් මිලියන 8ක් තම සමාගමට ගෙවන ලෙසයි. සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බව නීතිඥ සමාගම හරහා දැනුම් දී තිබෙනවා.

සීවින් බයොටෙක් ගෲප් (Seawin Biotech Group) සමාගම විසින් සපයන ලද පොහොර හානිකර බැක්ටීරියාවලින් සමන්විත බවට අසත්‍ය ප්‍රකාශ කරමින් පොහොර ඇනවුම අවලංගු කිරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් අදාල සමාගම මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සීවින් බයොටෙක් ගෲප් (Seawin Biotech Group) සමාගම පවසන්නේ තමන් සපයන පොහොර වල හානිකර බැක්ටීරියා ඇත්නම් වෙනත් තුන්වන පාර්ෂවයක් හරහා අදාල පරීක්ෂණ වාර්ථා ලබාගත යුතු බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *