ස්කොට්ලන්තය හමුවේ පාකිස්තානයට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඊයේ (07) පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු 72කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී නියමිත පන්දු වාර විස්ස අවසයානයේ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.
පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 66ක් ද ෂොයිබ් මලික් නොදැවී ලකුණු 54ක් ද රැස් කළේය.
පන්දු යැවීමේදී ක්රිස් ග්රීව්ස් කඩුලු 2ක් ද හම්සා තාහීර් සහ සෆියාන් ෂරීෆ් එක් කඩුල්ල බැගින් දවා ගන්නා ලදි.
ලකුණු 190ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 117ක් රැස් කිරීමට පමණි.
එහිදී ස්කොට්ලන්ත වෙනුවෙන් රිචී බෙරින්ටන් නොදැවී ලකුණු 54ක් ද ජෝර්ජ් මන්සි ලකුණු 17ක් රැස් කළේය.
පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂඩාබ් ඛාන් කඩුලු 2ක් දවා ගත් අතර හසන් අලි, හරිස් රවුෆ් සහ ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

