Latestදේශීය

කොළඹට ගංවතුර – පුත්තලමේ මාර්ග බාධා

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව ඇතුළු බියගම, වත්තල, රුවන් වැල්ල දෙහිඕවිට, සීතාවක වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම්වල ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

රටපුරා විවිධ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගලමින් තිබෙන අතර කළු ගඟ සහ නිල්වලා ගඟ මෙන් ම සීතාවක ගඟ ද පිටාර ගලන මට්ටමට පැමිණ තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ගංවතුර අවධානම පිළිබඳ සැලකිල්ලෙන් සිටින ලෙස රජය දන්වා සිටිනවා.

එමෙන්ම අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ මාර්ග කි මී ‌2 ක් පමණ ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා දන්වා සිටිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *