ක්‍රීඩා

විරාත් කෝලි ජයග්‍රහණයකින් 20 යි 20 නායකත්වයට සමුදෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය නැමීබියාව කණ්ඩායම පරාජයට කරමින් ඉන්දියානු කණ්ඩාමය ජයග්‍රහනය කිරීමට සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 132ක් රැස් කළේය.

ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩාම පන්දු වාර 15යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රහනය හඹා ගියේය.

එහිදී රෝහිත් ශර්මා පන්දු 37 කදී ලකුණු 56 ක් ද කේ එල් රාහුල් නොදැවී ලකුණු 54 ක් රැස් කරන ලදි.

ඒ අනුව ඉන්දීය කණ්ඩාම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් නොලැබූවද තමන් සහභාගී වූ අවසන් තරගය සාර්තකව ජය ගැනීමට සමත් විය.

විරාත් කෝළි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදුන් අවසන් 20 යි 20 තරගය මෙය වන අතර රවී ශාස්ත්‍රි ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයේ සිටින අවසන් තරගය මෙය වීමද වි‍ශේෂත්වයකි.


 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *