අයහපත් කාලගුණයත් සමග දුම්රිය ධාවනයට බාධා
අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සීමා කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (09) රජයේ නිල වෙබ් අඩවිය විසින් කරන ලද විමසුමේ දී ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත්, කොළඹ කොටුව සිට හලාවත දක්වාත් දුම්රිය ධාවනය කෙරෙන බව ඔහු කියා සිටියේය.
එමෙන්ම උඩරට දුම්රිය මාර්ගය අතර ද දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

