අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන ඉහළට
දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම මරණ බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.
එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 105කට බලපෑම් එල්ල වී තිබේ.
ඉන් පවුල් 8,820කට අයත් පුද්ගලයින් 23,638 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ හේතුවෙන් නිවාස 18ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 960කට අර්ධ හානි සිදුව තිබේ.
පීඩාවට පත්වූ පවුල් 385ක පුද්ගලයින් 1,671 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක මේ වන විට රඳවා ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දිස්ත්‍රික 11ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රි 09.00 දක්වා දීර්ඝ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

