කොළඹට සති අන්තයේ පැය 28ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සති අන්තයේ පැය 28ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
ඒ අනුව,
- කොළඹ 04, 05, 06, 07 සහ 08
- කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ
- මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ
යන ප්‍රදේශවලට නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලබයි.
අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

