අදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම උතුරු පළාතේ ද පෙරවරු කාලයේදී වැසි තත්ත්වයක් ඇතිවිය හැක.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකිය.
පැ.කි.මි. (40-50) පමණ තද සුළං දිවයින හරහා විටින්විට හමන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

